වලංගු වීසා නොමැතිව ගල්කිස්ස ජය මාවතේ නිවසක රැඳී සිටි නයිජීරියානු කාන්තාවක් ඊයේ 7 අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි .
ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 35ක තැනැත්තියක් බව පොලිසිය කියයි.
සැකකාරිය ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.
