වරාය ගාස්තු සංශෝධනය තාවකාලිකව නවතියි
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන්ගේ සහ සීමාසහිත ජයබහලු පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරීමට හිටපු වරාය සහ නාවික කටයුතු අමාත්‍යවරයා විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම මාර්තු 15 වැනිදා දක්වා කල් දැමීමට වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පියවර ගෙන තිබේ.
වරාය අධිකාරියේ ඉහළ නිලධාරින්ගෙන් සහ වරාය ක්ෂේත්රයේ සියලු පාර්ශ්ව නියෝජනය වන පරිදි පත්කළ කමිටුවකින් මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධ නිර්දේශ ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් අමාත්‍යවරයා කටයුතුයොදාඇත.
වරාය ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය දින 51 රජයේ කැබිනට් මණ්ඩලය විසින් පසුගිය නොවැම්බර් 5 වැනිදා ගනු ලැබිණි. එසේ වුවත් එයට වරාය සහ නාවික ක්ෂේත්රයේත්, ආනයන සහ අපනයන ක්ෂේත්රවලත් බොහෝ පාර්ශ්වවල විරෝධය එල්ල විය.
ඔවුන්ගේ විරෝධතා සහ මැසිවිලි සැලකිල්ලට ගනිමින් මෙම ගාස්තු සංශෝධනය මාර්තු 15 වැනිදා දක්වා කල්තැබීමටවරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අද (29) පෙරවරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ.
මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද කමිටුවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ නිලධාරින් මෙන්ම ලංකා නැව් නියෝජිතයන්ගේ සංගමයේ, ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ආනයන අංශයේ, ශ්‍රී ලංකා කාර්යෝපාය සහ නැව්/ගුවන් භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමයේ, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ , භාණ්ඩ නිෂ්කාෂන සහ ප්‍රවාහන නියෝජිතයන්ගේ ආයතනයේ සහ ජාතික වාණිජ මණ්ඩලයේ නියෝජිතයෝ ඇතුළත් වෙති.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

