වරාකාපොල අනතුරින් මව හා දරුවෙකු මරුට
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල උඩුකුඹුර ප්‍රදේශයේදී ඊයේ (10දා) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පාර මාරු වෙමින් සිටි මවට සහ ඇගේ දරුවාට මරු කැඳවා ප්‍රදේශයෙන් පළාගිය වෑන් රථයක් කෑගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තම පොලීසිය වෙත බාරදුන් බව වරකාපොල පොලීසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වරකාපොල උඩුකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටින ඩයනා විරෝනිකා තෝමස් (27) හා ඇගේ වැඩි මහල් පුතු වන ඔත්නාපිටිය කනිෂ්ඨ විදුහලේ හය වන වසරේ ඉගෙනුම ලබමින් සිටි කවිදු ඹ්ෂධ ගුණවර්ධන (11) යන දෙදෙනෙකි.
අනතුරින් මියගිය කාන්තාව සිව්දරු මවකි. ඇගේ සැමියා මීගමුව ප්‍රදේශයේ නැවතී කුලී රැකියාවක නිරත වෙන අතර සිද්ධිය වූ දිනයේ ඇයගේ අවුරුද්දයි මාස හතරක් වන කුඩා දරුවාට ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් ඊට ප්‍රථිකාර ලබා ගැනීම සඳහා රාත්‍රී 08ට පමණ මොවුන් තිදෙනා උඩුකුඹුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථායක් වෙත යාමට පාර මාරුවෙමින් සිටියදී කොළඹ ප්‍රදේශයේ සිට පේරාදෙණිය දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අණාවරණය වී ඇත.
අනතුරින් මවගේ තුරුලේ සිටි අවුරුද්දකුත් මාස හතරක් වූ කුඩා පිරිමි දරුවා ඇයගෙන් ගිලිහී මාර්ගය අයිනට විසිවී තුවාල ලබා කෑ ගසමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා කෑගල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

