තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යමණ්ඩලය වෙත තැපැල්පතිවරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබේ.
ඒ අනුව දැනට අඛණ්ඩව ක්රියාත්මක වන වැඩවර්ජනය අවසන් කොට තවදුරටත් සේවයට වාර්තා කර නොමැති කාර්යමණ්ඩලයට නොපමාව සේවයට වාර්තා කරන ලෙසත් ජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා කරන කාර්යමණ්ඩලයට පමණක් බවත්, තැපැල්පති, ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා එම නිවේදනයෙන් දන්වා සිටියි.
සේවයට වාර්තා නොකොට තවදුරටත් වර්ජනයේ නිරතව සිටින කාර්යමණ්ඩලයට ජුනි 01 දින සිට ජුනි 11දා දක්වා පමණක් වැටුප් ගණනය සිදු කෙරෙන බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.