නව කොරෝනා වෛසරයේ විවිධ ප්රභේදයන් ඉස්මතුවීම අප සියලු දෙනා 'අවදි කිරීමේ ඇමතුමක්' යැයි ඊයේ (29දා) පැවති ධවල මන්දිර ප්රවෘත්ති සාකච්ඡාවකදී ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි අවධාරණය කළේය.
එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් B.1.1.7 ප්‍රභේදය, දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට හඳුනාගත් B.1.351 සහ බ්‍රසීලයේ ප්‍රථම වරට හඳුනාගත් P. 1 ප්‍රභේදය ඇතුළුව කොවිඩ්-19 හට හේතු වන වෛරසයේ විවිධ ප්‍රභේද මේ වනවිට ලොව පුරා සංසරණය වෙමින් පවතී.
"මේ ප්රභේදයන් ප්‍රථම වරට හඳුනාගත් විට, අපට දැනට ලබාගත හැකි එන්නත් මගින් පොළඹවන ලද ප්‍රතිදේහ ඇත්ත වශයෙන්ම මේ නව වෛරස ප්රභේදයන් උදාසීන කරනු ඇතිදැයි පර්යේෂණාගාර තුළ පරීක්ෂාවට ලක්කළ යුතු බව පැහැදිලියි." ෆවුසි පැවසීය. එන්නත් නිෂ්පාදකයන් කිහිප දෙනෙකු මෑතකදී කරන ලද අධ්‍යයනයන් මගින් ප්‍රභේදයන්ගෙන් යම් ආරක්ෂාවක් පෙන්නුම් කර ඇති බව සඳහන් කර ඇතැයිද ෆවුසි සඳහන් කළේය.
"මෙය අප සැම අවදි කිරීමේ ඇමතුමක්" ෆවුසි පැවසීය. "නව ප්රභේදවල පරිණාමය අප දැන් දිගටම දකිනවා. ඒ නිසා ඕනෑම වේලාවක, ඇත්ත වශයෙන්ම පවතින ඕනෑම වෛරසය ප්‍රභේදයකින් ආරක්ෂාව සැලසෙන ආකාරයට එන්නතෙහි අනුවාදයන් සෑදීම පහසුවෙන් සිදුකර ගැනීම සඳහා අප වේගවත් විය යුතුයි."