ජර්මනියේ පනවා ඇති නව සීමාවන් දැනටමත් උපකාර වන බවත් රට නිවැරදි මාවතේ යන බවත් පැවසූ ජර්මානු මුදල් අමාත්‍යවරයා, එනමුදු වෛරසය කුමක් කරයිදැයි කියා කිසිවෙකු නොදන්නා බැවින් ඊළඟ මාසය ගැන කිසිවෙකුට කිසිවක් කිව නොහැකි බවට එරට ජනතාවට අනතුරු ඇඟවීය.
ජර්මනිය රටපුරා අර්ධ වශයෙන් අගුලු දමා ඇති අතර, එමගින් අවන්හල් සහ බාර් වසා දමා තිබේ. සංචාරය කිරීමෙන් වැළකී සිටීම, ඔවුන්ගේ සම්බන්ධතා අවම මට්ටමක තබා ගැනීම සහ විවිධ කුටුම්භ දෙකක සාමාජිකයින්ට ප්‍රසිද්ධ රැස්වීම් සීමා කිරීමද එයට අඩංගු වී ඇත.
කෙසේ වෙතත් ජර්මිනයේ පාසල් සහ වෙළෙඳ සැල් විවෘතව පවතී. තවදුරටත් සීමාවන් හඳුන්වා දීම පිළිබඳව තීරණය කිරීම සඳහා ජර්මානු ෆෙඩරල් සහ රාජ්‍ය නායකයන් ලබන සතියේ රැස්වීමට නියමිතය.
මේ අතර ජර්මානු ආර්ථික අමාත්‍ය ෂෝල්ස් පැවසුවේ රටේ ආර්ථික අනාගතය පිළිබඳව තමාට තරමක විශ්වාසයක් පවතින බවය.
"අපි නොවැම්බර් මාසය සඳහා පමණක් යුරෝ බිලියන 14ක අමතර ආර්ථිකයක් ස්ථාවර කර තිබෙනවා. සති හා මාස ගණනාවකට පෙර අප අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා හොඳ ආර්ථික සංවර්ධනයක් සමග ඉදිරියට යාමට මෙය ඉවහල් වනු ඇති." හෙතෙම වැඩිදුරටත් පැවසීය.