විකෘති වූ නව කොරෝනා වෛරස ප්රභේදයන්ට එරෙහිව එන්නත් නිපදවීමට චීනය සූදානම් බව එරට ශ්වසන රෝග පිළිබඳ ඉහළම විශේෂඥ ෂොන්ග් නන්ෂාන් සෙනසුරාදා පැවසීය.
දකුණු චීනයේ ගුවැන්ෂු නගරයේ වෛද්‍ය විද්‍යා සංසදයකදී ෂොන්ග් පැවසුවේ මිනිසුන් දැනට මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුව කොරෝනා වෛරසයේ විකෘති වූ ප්‍රභේද බවයි.
එක්සත් රාජධානිය, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව ඇතුළු බොහෝ රටවලින් මෙම නව ප්‍රභේද සොයාගෙන ඇති අතර, මෙම ප්‍රභේද බොහෝදුරට වඩා බෝවන බව විශ්වාස කෙරේ.
දැනට භාවිතයේ පවතින අක්‍රීය එන්නත් දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් B.1.351 ප්‍රභේදයට සාපේක්ෂව අඩු ඵලදායී බවක් පෙන්වන බව සොයාගෙන ඇති බව ෂොන්ග් පැවසීය.
එසේම කොවිඩ්-19 මර්දන එන්නත් සම්බන්ධයෙන් තවමත් ප්‍රශ්න රැසක් පවතින බව ඔහු පැවසීය. උදාහරණයක් ලෙස, කොවිඩ්-19 එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිය කොපමණ කාලයක් පවතින්නේද? අමතර මාත්‍රාවක් ලබා ගැනීමෙන් වෛරසයට එරෙහි ආරක්ෂණ වේගය වැඩි දියුණු කළ හැකිද? එවැනි ප්‍රශ්න විසඳීමට ඉතිරිව ඇති බව ඔහු කියයි.
චීනයේ පමණක් කොවිඩ්-19 මර්දන එන්නත් වර්ග 50කට ආසන්න සංඛ්‍යාවක් සහ ලොව පුරා 200කට වැඩි ප්‍රමාණයක් සංවර්ධනය වෙමින් පවතින අතර, වසංගත වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා කුමන ආකාරයේ එන්නතක් වඩා ප්‍රයෝජනවත්ද යන්න සොයා බැලීම වැදගත් කාරණයක් බව ෂොන්ග් පැවසීය.
එසේම ලොව පුරා කොවිඩ්-19 එන්නත්වල වාර්තා වී ඇති අතුරු ආබාධ පිළිබඳවද තමා සැලකිලිමත් වන බව ඔහු පැවසීය. නිදසුනක් වශයෙන්, ජර්මනියේ, ඔස්ට්‍රියාවේ සහ එක්සත් රාජධානියේ පුද්ගලයින් 30කට වැඩි පිරිසක් එන්නත් ලබා ගැනීමෙන් පසු රුධිර කැටි ගැසීම් හා ත්‍රොම්බොසයිටොපීනියා රෝගයෙන් පීඩා විඳි බවත්, මෙය සිදු වූයේ ඇයිද යන්න සහ අතුරු ආබාධ වළක්වා ගත හැක්කේ කෙසේද යන ප්‍රශ්නවලට වහාම අවධානය යොමු කළ යුතු බව ෂොන්ග් වැඩිදුරටත් පැවසීය.