2021 වසර අවසන් වනවිට චීනය වාර්ෂිකව කොවිඩ්-19 මර්දන එන්නත මාත්‍රා බිලියන 5ක් නිපදවීමට අපේක්ෂා කරන අතර, එරට ජනගහනයෙන් 70%කට ආසන්න ප්‍රමාණයකට පහසුවෙන් එන්නත් ලබාදීමට හැකි බවද චීනයේ එන්නත් කර්මාන්ත සංගමයේ සභාපති ෆෙන් ඩුජියා පවසයි.
ෆෙන්ග් එරට පීකිං විශ්ව විද්‍යාලයේ පැවති සම්මන්ත්‍රණයකදී, කොරෝනා වෛරසය සහ එන්නත් කර්මාන්තයේ ගෝලීයකරණය පිළිබඳ අදහස් දක්වමින් මෙම කරුණු ඉස්මතු කර තිබුණි.
එමෙන්ම 2020 අවසන් වනවිට චීනය තුළම නිෂ්පාදනය කළ mRNA එන්නතක් ලබාගැනීමේ ඉහළ හැකියාවක් පවතින බවත්, බොහෝ දේශීය සමාගම් එන්නතෙහි බූස්ටර මාත්‍රාවන් පිළිබඳ වැඩිදුර පර්යේෂණ සඳහා සැලැස්මක් සකස් කර ඇති බවත් ෆෙන්ග් වැඩිදුරටත් පැවසීය.