වරදක් කර තිබෙනවානම් මරණ දඬුවම දෙන්න
තමා වරදක් කර ඇතැන්නම් උසාවියකට ඉදිරිපත් කර මරණ දණ්ඩනය ලබාදෙන ලෙසත් එසේ නොමැතිනම් නිදහස් කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
අද (18දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටිමින් පාර්ලිමේන්තුවට පැමිණ ඔහු මේ බව සඳහන් කළේය.
“රටේ ජනාධිපතිවරයාට පවතින බලය පාවිච්චි කරමින් කිසිම උසාවියකින් හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීති උපදෙස් නොගෙන පාන්දර එකහමාරට පමණ මාගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී කිසිදු වරෙන්තුවක් හෝ නොමැතිව මාව අත්අඩංගුවට ගනු ලැබුවා. අවුරුදු විස්සක් මුළුල්ලේ ජනතාවගේ ඡන්දයෙන් පත් වී මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයෙකුව කිසිම වැරැද්දක් නොමැතිව ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කර මාස තුනක් රැඳවුම් භාරයේ තබා ගැනීම කුමන ආකාරයකින් සාධාරණද?
මා යම් කිසි වැරද්දක් කර තිබේ නම් එය අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබිය යුතුයි, එසේ නැතිනම් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුවත් කර තිබිය යුතුයි, එහෙත් දින විසි දෙකක් මුළුල්ලේ මාව රැඳවුම් භාරයේ තබාගෙන මේ වන තෙක් එලෙස කිසිදු වාර්තාවක් අධිකරණයට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නෑ. මම යම්කිසි වැරැද්දක් කර තිබේ නම් අධිකරණයට ඉදිරිපත් කර මට මරණ දඬුවම වුණත් ලබා දෙන්න. එසේ නැත්නම් මාව නිදහස් කරන්න.”

popular news
-
Demuni Uduwara Wednesday, 19 May 2021 05:49 AM
A lawless country!
Reply : 0 0
samson de silva Wednesday, 19 May 2021 09:48 AM
Rishaad, Wadiya katagahanna epaa. Aayuda penwanna ekkaragena yanawaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

