ගෙවුණු ජූලි මාසය අසාමාන්‍ය ලෙස උණුසුම් වූ බව වඩාත් තහවුරු කරමින්, එක්සත් ජනපද කාලගුණ ඒජන්සිය විසින් වසර 142කට පෙර සිය නිරීක්ෂණ ආරම්භ කිරීමේ සිට මේ දක්වා වාර්තා වූ උණුසුම්ම මාසය ලෙස එය නම් කර තිබේ.
ලොව පුරා ඇති ගොඩබිම සහ ජලයේ උෂ්ණත්වය සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 0.9ක් එම මාසයේදී ඉහළ ගොස් ඇත.
එහිදී ඇමෙරිකා එක්සත් ජනපදය, අයර්ලන්තය, තුර්කිය සහ ජපානය ඇතුළු බොහෝ රටවල වාර්තා බිඳ වැටුණු අතර, අධික උෂ්ණත්වය හේතුවෙන් සමහර ඔලිම්පික් ඉසව් විවිධ නගරවලට ගෙන යාමට සිදු විය.
එය ආසියාවේ මෙතෙක් පැවති උණුසුම්ම ජූලි මාසය වූ අතර, යුරෝපයේ දෙවැනි උණුසුම්ම ජූලි මාසය විය.
මේ අතර ගෙවෙන අගෝස්තු මාසයත් තවත් උණුසුම් මාසයක් බවට පත් වෙමින් තිබෙන අතර, එය යුරෝපයේ තවත් වාර්තාවක් තබනු ඇති බව කියයි.
එක්සත් ජනපද කාලගුණ ඒජන්සියේ පරිපාලක පැවසුවේ දේශගුණික විපර්යාසවල අන්තරායන් සඳහා මෙම දත්ත තවදුරටත් සාක්ෂි සපයන බවයි.