වීරකැටිය විතාරන්දෙණිය මල්බෙරිගම ප්‍රදේශයේදී අද (15) දහවල් එක් දරු පියෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි වීරකැටිය පොලීසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වීරකැටිය උතුරු බැදිගම ප්‍රදේශයේ පදිංචි ඊ.ඩී. චතුරංග දේශප්‍රිය නම් 34 හැවිරිදි අයකු බවට හඳුනාගත් බව පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයාගේ සිරුර මල්බෙරිගම කෙහෙලගහ යාය වැවේ තිබියදී ඊයේ දහවල් සොයාගෙන ඇති අතර ඔහුගේ සිරුරේ ගල්කටස් වර්ගයේ ගිනිඅවියකින් සිදුකළ වෙඩි පහරවල් දෙකක් දක්නට තිබූ බවද පොලිසිය කියයි. මෙම පුද්ගලයා පැමිණි බවට සැකකරන යතුරුපැදිය ඔහුගේ සිරුර තිබූ ස්ථානයේ සිට මීටර 100ක් පමණ දුරින් තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
මිය ගිය පුද්ගලයා මීට ඉහතදී පුද්ගල ඝාතනයක් සහ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම් සම්බන්ධයෙන් සැකපිට කිහිපවතාවක්ම පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බව පොලිසිය පවසයි. තවද මොහු බන්ධනාගාරගතව සිට මීට මාසයකට පමණ ඉහතදී නිදහස්වී පැමිණ ඇති බවටද තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය සහකාර පොලිස් අධිකාරී රත්නවීර එල් අඩස්සූරිය යන මහත්වරුන්ගේ උපදෙස් අනුව වීරකැටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සංගීත් මහතා ඇතුළු නිලධාරිහු සැකකරුවන් සොයා වැඩිදුර පරීක්ෂණ සිදුකරති.