ඇල්පිටිය කුරුදුගහ හැතැම්ම අනුරුද්ධගම ප්‍රදේශයේ දි තිදරු පියෙකු ඊයේ (30) රාත්‍රි වෙඩිතබා ඝාතනය කොට ඇති බැව් ඇල්පිටිය පොලීසිය පවසයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ කොටපොලහේවා ප්‍රභාත් කමල් (42) නැමති තිදරු පියෙකි.
මොහු ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු සිය නිවස තුළ සිටියදි තුවක්කරු නිවසට පැමිණ මොහුට වෙඩි තබා ඇත. එම අවස්ථාවේ දි ව්‍යාපාරිකයාගේ බිරිඳ යකඩ පොල්ලක් රැගෙන එමට දිවගොස් ඇත. වෙඩිකාගෙන ව්‍යාපාරිකයාද නිවසින් එළියට දිවවිත් ඇති අතර තුවක්කුකරු විසින් ව්‍යාපාරිකයාට තවත් වෙඩිල්ලක් තබා පළාගොස් ඇත.
වෙඩි තැබිමෙන් බරපතල තුවාල ලැබු ව්‍යාපාරිකයා ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.
ඝාතනයට ලක්වු ව්‍යාපාරිකයාගේ මළ සිරුර ඇල්පිටිය රෝහලේ තැන්පත් කොට ඇත.
ගල්කටස් වර්ගයේ තුවක්කුවකින් වෙඩි තබා ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත. ඉඩම් හා පුද්ගලික ආරවුල් සම්බන්ධයෙන් ඇති වු කොන්තරයක් නිසා මෙකි වෙඩි තැබිම සිදුකොට ඇති බව පොලීසිය සැක කරයි.
මෙකි ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනිමට ඇල්පිටිය පොලීසිය පරික්ෂණ පවත්වයි.