ඔස්ට්‍රියාවේ වියානා නගරයට එල්ල වූ ප්‍රහාරය ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් පොලිස් නිලධාරීන් ඇතුළු 15 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් එරට පොලීසිය පවසයි.
මියගිය අතර පිරිමින් දෙදෙනෙකු හා එක් කාන්තාවක වෙයි. පොලීසිය විසින් ප්‍රහාරකයෙකු වෙඩි තබා ඝාතනය කළ අතර, මුලින් තවත් ප්‍රහාරකයන් ගැන කියවුණත්, මෙය එක් ප්‍රහාරකයෙකු විසින් සිදුකර ඇති බව විශ්වාස කෙරෙයි.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කාල් නෙහම්මර් කියා සිටියේ පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කළ ප්‍රහාරකයා අන්තවාදී සහ ISIS හිතවාදියෙකු බවය.
සැකකරු සතුව ගිනි අවි පැවතී ඇති අතර, ඔහුගේ කමිසය මරාගෙන මැරෙන බෝම්බයක් සේ පෙන්වා තිබුණත් එය ව්‍යාජ එකක් බව කියයි. එරට විශේෂ බලකාය විසින් සැකකරුගේ නිවස පරීක්ෂා කර ඇත.