මුල් අවස්ථාවේදී කොවිඩ්-19 වසංගතය හොඳින්ම පාලනය කළ රාජ්‍යයක් වන වියට්නාමය වසංගතය පැතිර යාමේ දරුණුතම රැල්ල සමග සටන් වදිමින් සිටින අතර, වියට්නාමය මීකොං ඩෙල්ටා නගරයේ දින 14ක් සංචරණ සීමා පනවා තිබේ.
එරට මිලියන 1.23ක ජනගහනයක් සිටින මෙම දකුණුදිග නගරය තුළ පසුගිය සතියේ ආසාදිතයන් 7ක් වාර්තා වී ඇති බව රජය නිවේදනය කළේය.
වසංගතයේ රැලි බොහොමයක් සඳහා සාර්ථකව කටයුතු කිරීමෙන් පසුව, වියට්නාමය අපේ‍්‍රල් අග සිට වඩාත් මුරණ්ඩු ආසාදන රැල්ලකට මුහුණ දී ඇති අතර, දිනපතා ආසාදන වාර්තාගත මට්ටම් කරා ඉහළ යමින් පවතී.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව ආසාදන 1,953ක් ගෙවීගිය දිනයේ වාර්තා කර ඇති අතර, එය රෝගීන් දහසකට වැඩි සංඛ්‍යාවක් අඛණ්ඩව වාර්තා කළ 07 වැනි දිනයයි. එමෙන්මසෙනසුරාදා වාර්තා වූ 1,853 ඉක්මවා ඇත. බොහෝ ආසාදිතයන් වාර්තා වී ඇත්තේ රට තුළ ආසාදන පැතිරීමේ කේන්ද්‍රස්ථානය වන හෝ චි මිං නගරයේ ය.
වියට්නාමයේ සමස්ත ආසාදන මේ වනවිට 29,816ක් වාර්තා වී ඇති අතර මරණ 116ක් සිදුව තිබේ. සමහර යුරෝපීය රටවල්, ඉන්දියාව සහ එක්සත් ජනපදය හා සසඳන විට එය ඉතා අඩු සංඛ්‍යාවකි.
හෝ චි මිං හි ආර්ථික කේන්ද්‍රස්ථානය සහ අගනුවර හැනෝයි ඇතුළු ප්‍රධාන නගරවලට පසුගිය සතියේ සංචරණ සීමාවන් පැනවීම අරඹා තිබේ.