මාස ගණනාවක් පුරා සාර්ථකව කොවිඩ්-19 වෛරසය පාලනය කළ වියට්නාමය, කොරෝනා වසංගතය රට තුළ යළි හිස එසවීමත් සමග එරටින් වාර්තා වූ ප්‍රථම කොරෝනා මරණය අද (31දා) සනාථ කළ බව වියට්නාම මාධ්‍ය පවසයි.
වියට්නාමයේ මතුව ඇති කොරෝනා දෙවැනි රැල්ල පාලනය කිරීම සඳහා මේ වනවිට එරට බලධාරීන් විසින් දැඩි පියවර අනුගමනය කරමින් සිටින පසුබිමක මෙම ප්‍රථම මරණය වාර්තා වෙයි.
මෙසේ මියගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකු බවත්, අද (31දා) අලුයම් කාලයේදී වෛරසය සමග ඇතිවූ සංකූලතා හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වූ බවත් සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
මේ අතර වියට්නාමය අද දිනයේද නව ආසාදිතයන් 45ක් වාර්තා කර ඇති අතර, එම අගයද සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 509ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම පැසිෆික් දූපත් රාජ්‍යයක් වන ෆීජි රාජ්‍යයද අද (31දා) සිය ප්‍රථම කොරෝනා වෛරස මරණය ප්‍රකාශයට පත්කර තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍ය ඉෆෙරෙයිමි වකයිනාබෙට් පැවසුවේ 66 හැවිරිදි පුද්ගලයෙකු ඉන්දියාවේ සිට ආපසු පැමිණීමෙන් පසු ධනාත්මක පරීක්ෂණයක් සිදුකළ බවත්, එහිදී දීර්ඝ කාලීන හදවත් රෝගයකට ඔහු සැත්කමකටද භාජනය වී පැමිණි අයෙකු බවත්ය.