එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරස වසංගතයෙන් 50,000කට ඉතා ආසන්නව මේ වනවිට මියගොස් ඇති බැවින්, ඇමෙරිකාව වක්‍රයේ ඉහළ සිටින බව උපකල්පනය කළද තවත් දහස් ගණනක් වෛරසය හේතුවෙන් මියයෑම කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතු සත්‍යයකි.
ඒ අනුව ලබන සතියේ මේ කාලය වනවිට වියට්නාම යුද්ධයේදී සටන්වලින් මියගිය 58,000කට වැඩි පිරිසක් කොවිඩ්-19 හේතුවෙන් ඇමෙරිකාව තුළ මියා යාමට ඉඩ ඇති බව පෙනෙයි.
එහිදී, කොරියානු යුද්ධයේදී මියගිය 35,000කට වැඩි මරණ සංඛ්‍යාව මේ වෛරසය හේතුවෙන් සිදුවූ මරණවලින් ඇමෙරිකාව දැනටමත් දහස් ගණනකින් පසුකර අවසන්ය.
මෙම රෝගයෙන් මියගිය කෙනෙකු යම් ඇමෙරිකානුවෙකුට සමීපතමයෙකු හෝ මිතුරෙකු නොවූවද, එසේ මියගිය අයෙකුගේ ඥාතියෙකු හෝ හිතවතෙකු හෝ ඔහුට හෝ ඇයට හමුවනු ඇති බව පැහැදිලය.
ඇමෙරිකාව මේ ආකාරයේ ව්‍යසනයකට පත්වීම සම්බන්ධයෙන් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවිධ පාර්ශ්වයන්ට චෝදනා කරමින් සිටියද, ඔහු මේ අභියෝගාත්මක මොහොතේ වගකීමෙන් තොරව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළින්ම දැඩි විරෝධයක් මතුවෙමින් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 49,963ක් වාර්තා වන අතර, ආසාදිතයන් 869,172කි.