අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.
එම සහන කටයුතු සඳහා ති‍්‍රවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත්, නාය යෑමේ අවදානම පවතින ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු ති‍්‍රවිධ හමුදාවේ සහාය ඇතිව කඩිනම් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.
එමෙන් ම පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන වැඩපිළිවෙළේ දී ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් සිදු කරන ලෙසත්, තමා මැදිහත් වී එම මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේ ය.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ එමඟින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිිළිවෙළ පිළිබඳ අද (24දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ය.
ඉදිරි මාස 02ක කාලය තුළ අධික වැසි තත්ත්වය දිගින් දිගටම ඇතිවිය හැකි බව මෙහිදී සඳහන් කෙරුණු අතර, පූර්ව සූදානමක් ඇතිව එම තත්ත්වයන්ට මුහුණදීම සඳහා අදාළ අමාත්‍යාංශවල සහ සියලු අංශවල සම්බන්ධීකරණයෙන් සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිරවයා පැහැදිලි කළේය.
එමෙන්ම එළැඹෙන ජනාධිපතිවරණයේ දී බාධාවකින් තොරව එම හදිසි ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමේ සහ ජනතාවගේ සහන වැඩපිළිවෙළ විධිමත් කර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වි දී තිබේ.