ප්රගතිශීලී නවීන විපක්ෂයක කාර්යය ඉටු කරන බවට පැහැදිලි ප්‍රතිඥාවක් ලබාදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නව පාර්ලිමේන්තුව ආරම්භයට පෙර අද (20දා) ප්‍රකාශයක් සිදු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
රටට හිතකර වැඩ කටයුතුවලදී විපක්ෂය ලෙස සහාය ලබාදෙන බවත්, රටට අගතියක් සිදුවනවා නම්, ඊට විරුද්ධව කටයුතු කරන බවත් විපක්ෂනායකවරයා පැවසීය.
"මම කැමතියි මේ අවස්ථාවේ රටේ ජනතාවට පැහැදිලි පොරොන්දුවක්, ප්‍රතිඥාවක් ලබා දෙන්න. ප්රගතිශීලී ධනාත්මක විපක්ෂයක් ලෙස රටේ උන්නතිය උදෙසා, දැයේ ආරක්ෂව, ස්වෛරීත්වට භෞමික අකණ්ඩතාව, ජාතික ආරක්ෂාව, දේශපාලන නිදහස වෙනුවෙන් අපි විපක්ෂයක් ලෙස දිය හැකි උපරිම ශක්තිය ලබා දෙනවා.
රටත් රටේ ජනතාව වෙනුවෙනුත් කරන්නා වූ ධනාත්මක, ගුණාත්මක සහ හරාත්මක සියලුම පියවරවලට අපි උපරිම සහාය ශක්තිය ලබා දෙනවා. ඒ වගේම රටටත් ජනතාවටත් යම් අගතියක් සිදු වන්නේ නම්, යම් ඍණාත්මක ක්‍රියාදාමයන් සිදු වෙනවා නම්, ඒවාට විරුද්ධව ශක්ති සම්පන්නව ප්‍රජාතන්ත්‍රවාදීව නැගී සිටින්නට අපි නූතනවාදී ප්රගතිශීලී විපක්ෂයක් ලෙස අපි කැපවෙනවා. අපේ අරමුණ ස්වෛරී ශ්‍රී ලංකාව සුරකීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, සැමට සෞභාග්‍ය සම්පන්න රටක් නිර්මාණය කරමින් ලෝකයේ ශීඝ්‍රයෙන්ම සංවර්ධනය වන රට අපේ රට. අපේ මාතෘභූමිය ඉදිරියට ගෙන යන බව මම ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි."