Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 මැයි මස 05 වන සඳුදා
2025 මැයි මස 05 වන සඳුදා
ලෝකයේ ජාතීන් 03ක් වඳ වීයාමේ තර්ජනයට මුහුණදී සිටින බව විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇති බවත් ඇස්කිමෝවරු, ඇමෙරිකාවේ රතු ඉන්දියන්වරු හා ලංකාවේ සිංහලයන් ඒ අතර වන බවත්, වර්තමානයේ සමාජයේ ඇති වන සමහර සිද්ධීන් දුටුවිට එම භයංකාර ඉරණම වෙත යන්නේදැයි යන තිගැස්ම ඇති වන බවත්, කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.
කථානායකවරයා මේ බව පැවසූවේ ඊයේ (19දා) අම්පාර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා රාමඤ්ඥ මහ නිකායේ වාර්ෂික උපසම්පදා උත්සවයේ සමාරම්භයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා,
“අප විසින් ජනතා සිතුම් පැතුම් යහමගට ගෙන ඒමට ක්‍රියා කිරීමේ කාලය දැන් පැමිණ ඇති බව මගේ හැඟීමයි. සමාජයේ සාරධර්ම විශාල ලෙස පිරිහෙමින් පවතිනවා. මේවා දකින විට අපට ඇතිවන්නේ මහා වේදනාවක්. එදා අප දුටු මිනිස්කම අගයන සමාජය වෙනුවට මුදලට යටවෙන ආත්මාර්ථකාමී සමාජයක් ඇති වෙමින් පවතිනවා. මේ පිරිහීමේ ලකුණු.
මෙහිදී මා කීපවිටක්ම සඳහන් කළ නමුත් අවාසනාවට මාධ්‍යයේ හා ජනතාවගේ අවධානය මෙම බැරෑරුම් කරුණ කෙරෙහි අවධානය යොමු වී නැහැ. ජාතීන් තුනක් ලෝකයෙන් තුරන් වන බවට මීට දශක හතරකට පමණ පෙර ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක් මගින් කළ පරීක්ෂණයකදී හෙළි වී තිබෙනවා. එනම් ඇස්කිමෝවරු, ඇමෙරිකාවේ රතු ඉන්දියන්වරු හා ලංකාවේ සිංහලයන් මේ පණිවිඩය තවමත් රටට ගිහින් නැහැ.
මෑත යුගයේදී අපි දකින සිද්ධීන් ගැන හිතන විට සාමාන්‍ය පුද්ගලයෙකුට පවා මෙහි බැරෑරුම්කම වැටහෙනවා. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් මෙන්ම බුද්ධිමත් ප්‍රජාව වහා ක්‍රියාත්මක නොවුනහොත් ප්‍රතිඵල භයංකාර වෙන්නට පුළුවන්. සහෝදරයන් එක්ව සිය දෙමව්පියන් මරන, කුඩා දරුවන් සිය පවුලේ සාමාජිකයන් විසින්ම දූෂණය වන, දෙමව්පියන් දම්වැල් දමා බැඳ දමන තම කුඩා දරුවන්ට මත්පැන් පොවන සමාජයක්, පටු ජාති, ආගම්වාදී හැඟීම් ඇති කරන එකිනෙකා විනාශ කර ගන්නා ජාතියකට හෝ දේශයකට අනාගතයක් ගැන හිතන්න බැහැ.“ යැයි පැවසීය.
popular news
එම්. ඒ ජේ Friday, 20 July 2018 09:35 PM
ඔබතුමා ඔය කථාව දැනගත්තේ ඇමරිකාවෙන් ද?... අපි නම් මේ කථාව ප්‍රායෝගික සත්‍යක් කියලා දැනගෙන අවුරුදු තිහකටත් වැඩියි, ඒ හැත්තැ ගනන්වල!. ඉතාම පැහැදිලිවම සිංහල ජනතාව වඳ වි යනවා, ඒ ගැන කිසිදු තර්කයක් නැහැ!!! - රටේ ඉන්නවා මේ ගැන ඉතාම සංවේදි මිනස්සු, ඒ අයට කථා කරන්න අවස්ථාවක් හෝ මාධ්‍යක් නැහැ - කථා කරොත් කියන්නේ ජාතිවාදිය කියලා!- සියලුදෙනාටම කිව යුත්තේ තමන්ට මනුෂ්‍ය අනන්‍යතාවයක් ලැබෙන්නේ තමන් අයිති ජාතිය සහ මනුෂ්‍යය වර්ගයෙන් බව. එය ජීව විද්‍යාත්මක මෙන්ම ස්වාභවික ද සත්‍යයකි. අවසානාවකට අප රටට ජාතික නායකයින් නැත. අපිට සිටින්නේ දේශපාලකයකන් රොත්තකි. ඔවුන්ට ජාතියක්-ජම්මයක් ගැන අවබෝධ හෝ සංවේදි බවක් නැත. අනාගතයේ අපේ දරු-මුනුබුරන් මිණිබිරියන් අන් ජාතීන් ගේ වහල්ලු බවට පත්වීම නොවැලක් විය හැක. 2050 වසරින් පසු මේ ඉතා සීඝ්රයෙන් සිදු වනු ඇත.!!!
Reply : 0 42
saj Saturday, 21 July 2018 12:22 AM
ඔව් aththa ඔබතුමාත් දුව dunne suddekutane ethakota ehema wenawa neda
Reply : 0 0
Kumar Saturday, 21 July 2018 12:28 AM
කරු ජයසූරිය මහතයෝ අපට කියන්න මේ තොරතුරු සදහන් වාර්තාවේ නම. එකේ කතෘගේ නම. එහෙම නැතිනම් මහත්තය කියන්නේ බොරු. මම එකක් දන්නවා බටහිර රටවල්වල උපධින එක සිංහල ළමයෙකුටවත් සිංහල බෑ! දෙමවුපියන් ළමයින්ට උගන්වන්නෙත් නෑ! ඒ මවුපියන් ආඩම්බරයෙන් එකකටට කියන්නේ "ඒ ළමයින්ට සිංහල බැනේ" කියලනෙ. ඉතින් පිරිහෙන්නේ නැද්ද.
Reply : 0 0
rocky Saturday, 21 July 2018 06:44 AM
මේ විනාසය වේගවත් කරනු ලබන්නේ බඩගෝස්තරවාදී බොරු ජාති හිතයිශීන් සහ දේශපාලනය කරට ගත ඇතැම් දුසිල් මහනුන් විසිනුයි!
Reply : 1 1
Champa Saturday, 21 July 2018 08:29 AM
සම්පූරණ ඇත්ත. හරිම කම්පාවක් දැනෙනවා. මේ යන්නේ තනිකරම අවිචාර සමයක්. ම්නිස්සුන්ගේ මනස සම්පූර්නයෙන්ම දූෂිත වෙලා. විකෘති වෙලා. අතවර වලට ලක්වෙන කිරිසප්පයන්ගේ, පාසල් දරුවන්ගේ පටන්, සමාජ රෝග වලට ලක්වෙන අවුරුදු 10 තරමේ ඉඳන් කිරිදරුවන්ගේ පටන්, අම්ම හෝ තාත්ත අතින් ගෙදරම සිද්ධ වෙන මිනීමැරුම් දකින දරුවන්ගේ පටන්, මත්පැන් මත්කුඩු මත්පෙති වලට ඇබ්බැහි කරවපු කිරිදරුවන්ගේ පටන්, මේ කිසි දරුවෙක්ට ඇතිවෙන මානසික කම්පනය, පීඩාව නැති කරන්න කිසිම කායික මානසික චිකිත්සාවක් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් මිනීමරණ, දරුවන්ට අතවර කරන, දෙමව්පියන්ට හිරිහැර කරන, සමහරු මරලම දාන කිසි කෙනෙක් ඒ ගැන පසු තැවෙන බවක් පෙන්නේ නැහැ. ඒක තමයි තියෙන භයානකම දේ. මිනිස්සුන්ගේ හිත පුදුම විදියට දරුණු වෙලා. දයාව කරුණාව ආදරය මෛත්‍රීය මේ ඔක්කොම ගුණ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ගිහින්. අපරාධකරුවෙක් එල්ලා මැරීම වැනි ප්‍රාණඝාත අකුසලයක් හරිද වැරදිද කියලවත් තෝරා ගන්න බැරි තරමට සංඝරත්නය අතරේම මත දෙකක් හැදිලා තියෙන විදියෙන් තේරෙනවා සිංහල අපි ඉන්න භයානක තැන. සිංහලය නැතිවෙන තැනට සිංහලයම වැඩ සිද්ධ කරන කොට ජාතිය වඳවෙලා යන එක ගැන අහන්න දෙයක් නැහැ.
Reply : 2 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd