කොටියන් ඇතුළු වනසතුන් මදු හා උගුල්වලට හසුවීමේ හා වනසතුන්ට සිදුවන වෙනත් පීඩාකාරී හානි සම්බන්ධයෙන් දුරකතන අංක 1992ට අමතා වනජීවී දෙපාර්තමේන්තුවට කඩිනමින් දැනුම්දීමට පියවර ගන්නා ලෙස හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වනසතෙකුට සිදුව ඇති කුමන හෝ පීඩාවක් හෝ අකටයුත්තක් එසේ කඩිනමින් දැනුම්දීමෙන් එම සතුන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමටත් එමගින් ඔවුන්ගේ ජීවිත අවධානම අවම කර ආරක්ෂාව ලබාදීමටත් පියවර ගැනීමට හැකි බව ඒ මහතා කීය.
විශේෂයෙන්ම උඩරට වතුකරයේ වනෝද්‍යාන සීමාවන්ගේ පිහිටි වතුවල වතු අධිකාරිවරුන් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කල යුතුව ඇති බවත්, කොටියන් ඇතුළු වනසතුන් ආරක්ෂා කර ගැනීමට වතුකම්කරුවන් ද්‍රවිඩ භාෂාවෙන් දැනුවත් කිරීමට පියවර ගැනීම ඔවුන්ගේ වගකීමක් බවද ඒ මහතා පැවැසීය.
උඩරට වතුකරයේ සිදුවන කොටි මරණ හා අනෙකුත් සත්ත්ව මරණ හා වන සතුන්ට සිදුවන හානි අවම කරගැනීම සඳහා වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇති බැවින් වනසතුන්ට සිදුවන හානි පැය 24 පුරා ක්‍රියාත්මක 1992 කෙටි දුරකතන අංකයට කඩිනමින් දැනුම්දීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් හා විශේෂයෙන්ම උඩරට වතුකරයේ වතු අධිකාරිවරුන් හා වතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් කීය.
ශාන් හුලංනුගේ
