යුරෝපීය කොමිසම යුරෝපයේ වනාන්තරවල සෞඛ්‍යය නංවාලීම සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාව උපයෝගී කර ගන්නා ආකාරය පිළිබඳ යෝජනා සඳහා දළ සටහනක් ප්‍රකාශයට පත්කර තිබේ.
යුරෝපා සංගමයේ දේශගුණික ප්රතිපත්තිවල පුළුල් පැකේජයක් කොමිෂන් සභාව විසින් එළිදක්වා දින කිහිපයකට පසු වනාන්තර, වගුරුබිම් සහ වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නා ස්වාභාවික වනාන්තර නැවත වගා කිරීම සඳහා රටවල් සඳහා වන ඉලක්ක ඇතුළත් වේ.
යුරෝපයේ හානියට පත් වනාන්තර පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම සඳහා නීත්‍යානුකූලව ඉලක්ක තැබීමට යෝජනා කරන බවත්, භූමිය පදනම් කරගත් අධීක්ෂණය ඇතුළු ප්‍රභවයන්ගෙන් එක්රැස් වන වනාන්තරවල සෞඛ්‍යය පිළිබඳ දත්ත සොයාගැනීමට රටවල්වලට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන බවත් කොමිසම සිකුරාදා ප්‍රකාශ කළේය.
යුරෝපයේ වනාන්තර මුහුණ දෙන පීඩනයන්ට ප්‍රතිචාර දැක්වීමට රටවලට උපකාර කිරීම එහි අරමුණ වී ඇති අතර, බලශක්තිය නිපදවීමට භාවිත කරන ජෛවස්කන්ධ ඉන්ධන සඳහා වන ඉල්ලුම සහ දේශගුණික විපර්යාස, නව ලැව්ගිනි රටා වැනි බලපෑම් හෝ පළිබෝධ පැතිරීම වැඩිවීම මෙවැනි යෝජනාවකට හේතු වී තිබේ.
හොඳින් කළමනාකරණය කිරීමෙන්, අධික වර්ෂාපතනය අවශෝෂණය කර ගැනීමෙන් හා අධික උෂ්ණත්වය පවතින කාලවලදී අවට ප්‍රදේශය සිසිල් කිරීමෙන් දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දීමට වනාන්තර වෙතින් කලාපවලට උපකාර ලැබෙනු ඇති බව කියයි.
එහෙත් පරිසර සංවිධාන කියා සිටියේ ජෛවස්කන්ධ බලශක්ති ඉල්ලුම නිසා යොදා ගැනෙන ලී පෙති සහ චිප්ස් වැනි දේ භාවිත කිරීම නිසා වනාන්තරවලට සිදුව ඇති බලපෑම විසඳීමට මෙහිදී යුරෝපා සංගමය අසමත්ව ඇති බවයි.
ජෛවස්කන්ධ බලශක්ති බලාගාර සඳහා දැව දැවීම වැළැක්වීම සඳහා දැඩි තිරසාර නීති රීති කොමිසම විසින් පසුගිය බදාදා යෝජනා කළත්, පරිසර සංවිධාන පැවසුවේ මෙම යෝජනාව ප්‍රමාණවත් නොවන බවයි.
දැව පදනම් කරගත් කර්මාන්ත යුරෝපා සංගමයේ දළ වශයෙන් මිලියන 3.6ක රැකියා සඳහා සහාය වන අතර වනාන්තර හිමිකරුවන් සහ ගොවීන් නියෝජනය කරන සමහර කණ්ඩායම් සිකුරාදා කියා සිටියේ මෙම ක්ෂේත්රයට ආර්ථික සහයෝගය පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාදීමටද යුරෝපා සංගම් සැලැස්ම අසමත් වූ බවයි.