දඹුල්ලේ සිට සිතුල්පව්ව වන්දනා කිරිම සඳහා ගිය නඩයකට අතරමග සිටි ඇතෙකු ගෙන් බාධා එල්ල වීමේ පුවතක් නිකිණි පුන් පොහෝ දිනයේ වාර්තා විය.
බස් රථයෙන් ගමන් කරමින් සිටි මෙම පිරිස එක වරම සිතුල්පව්ව පාරේ වනයේ රැක සිටි ඇතා පාර හරහා පැන බස්රථයට පහරදී තිබේ.
පසුව බස් රථය අඩි ගණනාවක් පිටුපසට තල්ලු කරගෙන ගොස් ඇත. ඇතා ආහාර ඉල්ලා දැඩි අරගලයක නිරත වූ බව වන්දනාකරුවෝ පවසති.
බස් රථය තුළට දොරෙන් හොඬය සහ දළ දෙක දැමූ මෙම ඇතා විශාල කාලයක් ආහාර දෙන තුරු එක ඉරියව්වෙන්ම සිටිමින් බස් රථයේ මගින් දැඩි බියගන්වා ඇතැයි වන්දනා කරුවෝ කියති.
රියදුරු සහ මගින් බස්රථයේ තිබුණු විවිධ ආහාර වර්ග ඇතාට ලබා දී දැඩි පරිශ්රමයක් දරා එම ස්ථානයෙන් සිතුල්පව්ව බලා ගමන් කිරිම සිදුවූ බව ඔවුහු කියති .