වෝටර්ස් ඒජ් ආයතන පරිශ්‍රයේ ඉදිවන විනෝදාත්මක උද්‍යානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ.
මෙහි ඉදිකිරීම් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "වෝටර්ස් ඒජ් කලාපයේ දියවන්නා ගඟෙන් දකුණු ඉවුරේ අපි කලක සිට සැලැසුම් කර තිබෙනවා විනෝදාස්වාද නගරයක් ගොඩනගන්න. මොකද මෙයින් වම් ඉවුරේ අනාගත පරිපාලන නගරය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොඩනගාගෙන යනවා. තව වසර තුනකින් මෙහි ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ඉවර වුණහම කොළඹ නගරයේ දැනට තිබෙන ප්‍රධාන රාජ්‍ය ආයතන ගණනාවක් එහි එනවා. ඒ වගේම තව අවුරුදු 4 කින් මේ කලාපය හරහා සැහැල්ලූ දුම්රිය සේවය ගමන් අරඹනවා.
ඔබට පෙනෙනවා ඇති ඒ සඳහා බිම් මට්ටමේ කෙරෙන පර්යේෂණ කටයුතු සිදු කරගෙන යනවා. එතකොට මේ කලාපය ඉතාම කළබලකාරී ප්‍රදේශයක් බවට පත් වෙනවා. එතකොට ඒ ප්‍රදේශයේ අයගෙත්, පොදුවේ ශ්‍රී ලාංකික මහජනතාවගේත් විනෝදාස්වාදය, මානසික ආතතිය දුරු කිරීම සඳහා මේ කලාපයේ Colombo Eye නමින් හඳුන්වන විශාල ෆෙරිස් රෝදය පැමිණෙනවා පමණක් නෙමෙයි දැනටමත් අප විසින් ක්‍රීඩා කටයුතු සඳහා එවැනි අංගෝපාංග කිහිපයක් දියුණු කර තිබෙනවා.
අපි හැමෝම දන්නවා සංචාරක ව්‍යාපාරය අද අපට විදේශ ආයෝජන ගෙන්වන ප්‍රධාන මාධ්‍යයක්. ඉදිරිකාලයේදී අපි බලාපොරොත්තු වෙනවා මේ කලාපය කොළඹ නගරය සමග ජල මාර්ග ඔස්සේ එකතු කරන්න. ඉඩම් සංවර්ධන සංස්ථාවෙන් අපි නියමු ව්‍යාපෘතිය දියත් කළා.
තවත් දියුණුවක් එමගින් අපට ලැබෙනවා. ඒ වගේම සංචාරකයින්ගෙන් අපට ලැබෙන ආදායම මිලියන 4,000 ඉක්මවා ලැබුණට එයින් අඩක් පමණ අපේ රටේ අයත් පිටරට ගෙනියනවා අධ්‍යාපනයට, විදේශරටවල සංචාරයට, සංතොෂා දිවයිනට, සිංගප්පූරුවට, ඩුබායිවලට විශාල වශයෙන් අපේ සංචාරකයිනුත් ඇදී යනවා. 2018 වසරේ සංචාරක ව්‍යාපාරයෙන් උපයාගත් ධනය ඩොලර් මිලියන 4,300 යි.
ඒ වගේම ශ්‍රී ලාංකිකයින් පිටරටට අරංගිය ධනය ඩොලර් මිලියන 1,600 යි. එයින් අපට පෙනෙනවා අපේ එම ධනය අපි ඉතිරි කර ගන්න නම් ඒ ජනතාවට විනෝදාස්වාදය සැපයෙන කි‍්‍රයාදාමයක් ඇතිකර ගත යුතුයි විදේශවලින් එන සංචාරකයින්ට අමතරව
. මා හිතනවා එම ප්‍රතිඵළ දෙකම විදේශීය සංචාරකයනුත්, දේශීය පිරිසටත් මේ රට තුළම තමන්ගේ විනෝදාස්වාදය සඳහා කටයුතු කරන්න මෙමගින් අවස්ථාව ලැබෙයි කියා. මාස කිහිපයකින් එහි ප්‍රතිඵල ලැබෙයි. වසරකටත් අධික කාලයක් අපි මහන්සි වුණා. විවිධ ආයතනවලින් අවසර ගැනීමට සිදු වුණා."