ශ්රී ලංකාවේ වනගහණය 32%ක් බවට පත්කිරීමට නියමිත බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.
ඉතාලියේ පැවැත්වීම නියමිත ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වැනි සැසිවාරයට එක්වීම සඳහා රෝමයට ළඟා වූ අවස්ථාවේදී ජනපතිවරයා සිය ට්විටර් ගිනුමෙන් මේ බව ප්රකාශ කළේය. එම සමුළුවට එක්වීම සඳහා ජනපතිවරයා පෙරේදා (14දා) දිවයිනෙන් පිටත්ව ගියේය.
