මහියංගන ප්රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පඟරගම්මන, රෝහණ, මාපාකඩවැව හා ඒ අවට ගම්වාසීන් විශාල පිරිසක් අද උදෑසන බදුල්ල මහියංගන මාර්ගයේ 20 කණුව ප්රදේශයේදී මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත විය.
පඟරගම්මන ගම්මානයට පෙරේදා රාත්රියේ කඩා වැදුණු වනඅලියෙකු එහි නිවසක සිටි කුඩා දැරියන් දෙදෙනෙකුට පහරදී ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් මෙම විරෝධතාවයේ නියැලිණි. මහියංගන ප්රාදේශීය සභාවේ සභාපති කරූ වීරරත්න මහතා හා ප්රාදේශීය සභා මන්ත්රිවරුන්ද ගම්වාසින් සමග විරෝධතාවයේ නිරත වි සිටියේ මෙම ගැටලුව සදහා කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමිනි.
දැරියන් දෙදෙනා මරා දමා පැය දහයකට ආසන්න කාලයක් ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කිසිදු බලධාරියෙකු නොපැමිණීබවත් තම ගම්මානයට නිතරම එල්ලවන වනඅලි තර්ජනත් සඳහා කඩිනමින් විසදුම් ලබාදෙන ලෙසත් මිනිමරු වනඅලියා වහා අල්ලා ප්රදේශයෙන් රැගෙන යන ලෙස විරෝධතාවයේ යෙදී සිටි පිරිස එහිදී එල්ලා සිටියේය.