නවගත්තේගම කුරුකැටියාව ගම්මානයට කඩා වදින වනඅලි රංචු ගම්වැසියන්ගේ නිවාස කඩා බිඳ දැමිම නිසා ජන ජීවිතය සම්පුර්ණයෙන් අවධානමකට ලක්ව ඇති බව ජනතාව පවසති.
කුරුකැටියාව ගම්මානයට අද ( 6 ) අලුයම් කාලයේ කඩා වැදි ඇති තනියා නමින් ප්‍රසිද්ධ වනඅලියා වයෝවෘද්ධ යුවලක් පදිංචිව සිටි නිවසක් සම්පුර්ණයෙන් වනසා දමා ඇති බව නවගත්තේගම අඩවි වනජීවි කාර්යාලය පවසයි.
සතියකට ආසන්න කාලයක් තුළදි තනියා නැමති වනඅලියා නිවාස තුනකට හානි කර ඇති අතර එයින් කිසිදු ජීවිත හානියක් සිදුව නැති බවත් මෙම තනියා නිවෙස් වල සියලු දෑ වනසමින් වී සහ සහල් ආහාරයට සොයා සැරිසරන බව ද කියයි.
අද දින අලුයම තනියා වැනසු නිවසේ පදිංචිව සිටි වයෝවෘද්ධ යුවල විහාරස්ථානයේ කඨින පිංකමට සහභාගිවි සිටිම නිසා නිවසේ නොසිටිම හේතුවෙන් ජීවිත බේරි ඇති බව කියයි.
මේ ඒ පිළිබඳව හඬමින් නිවසේ හිමිකරු වන 76 හැවිරිදි ඩබ්ලියු.පී.ටී. ගනිතා මහතා පවසන්නට වුයේ මෙවැන්නකී.
“ අපි ගෙදර හිටියේ නැහැ . ඒ නිසා යාන්තම් ජීවිතය ගැලවුනා .මේ ගෙවල් 1982 හිටපු ජනාධිපති ආර් .ප්‍රේමදාස මහත්තයා ලංකාවේ ඉදිකරන්න ගත්ත දෙවන උදා ගම්මානය. නිවාස 100ක් තිබෙනවා . අද වන විට මේ අලි කරදර නිසා නිවාස ගොඩක් අලි කඩලා . අපි අන්ත අසරණ වෙලා යැයි ඔහු පැවසිය.
මේ පිළිබදව නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් හර්ෂණ ජයසිරි මහතා පවසා සිටියේ මෙවැන්නකී.
“ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයිති ග්‍රාම නිලධාරි වසම් 19 ක් ගම්මාන 67 ක් පුරාම මේ වනවිට වනඅලි කරදරය උග්‍ර වෙලා බරපතලම තත්ත්වයට පත්වෙලා . වනඅලි වගාවන් වනසනවාට අමතරව නිවාස කඩන ප්‍රමාණයත් මේ වන විට වැඩි වි තිබෙනවා . ඇත්තටම මෙය ලොකු තර්ජනයක් .වනඅලි පහර දිම් නිසා මරණ දෙකක් වෙලා තිබෙනවා. අපිට මේ වනවිට නිවාස කඩා තිබෙන එවාට වන්දි ලබා ගන්න විශාල පෝරම සංඛ්‍යාවක් ලැබිලා තිබෙනවා . අපිත් පුළුවන් තරම් ජනතාවට සහන සලසන්න කටයුතු කරනවා” යැයි පැවසිය .