වන සතුන්ගෙන් සිදුවන ආහාර හානිය වැළැක්වීමට ජාත්‍යන්තර සහාය
වන සතුන්ගෙන් ආහාර බෝගවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා විසඳුම් ලබාදීමට ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා ජනාධිපති හමුවේ සහතික වෙයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (26දා) පස්වරුවේ හමුවූ ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ශෙන්ජෙන් ෆෑන් මහතා මේ පිළිබඳ සිය එකඟතාවය පළ කළේය.
ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව විසින් වගා කරන ආහාර බෝග, එළවළු පළතුරු ආදියෙන් 40% ක් පමණ වන සතුන් විසින් විනාශ කර දමයි. වාර්ෂිකව නිෂ්පාදනය කෙරෙන ආහාර බෝග වල අස්වැන්න අඩුවීම හේතුවෙන් ජනතාවට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගැනීමේ අවස්ථාව ද මගහැරෙමින් පවතී. සතුන් ද රැක ගනිමින් මෙම ගැටලුව සඳහා ස්ථීර විසදුමක් ලබාගැනීමේ අවශ්‍යතාවය ජනාධිපති මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මෙය රටවල් රැසක් මුහුණදී ඇති ගැටලුවක් වන අතර, එම රටවල මෙම ගැටලුව විසදා ගැනීම සඳහා ලබාදුන් විසදුම් තුළින් ලත් අත්දැකීම් උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාවේ ද මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා සහය ලබාදීමට සූදනම් බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

