අනවසර විදුලි රැහැනක් යොදා වන අලි දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ඉඩමේ හිමිකරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ අනුරාධපුර දිස්ත්රික්කයේ රඹෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 90, පිලිනිගම ග්රාම නිලධාරී වසමේ අලුත්ගම ගම්මානයෙනි.
එම ප්රදේශයේ වන අලි දෙදෙනෙකු මියගොස් ඇති බවට වනජීවී අඩවි සහකාරවරයාට ලද තොරතුරක් අනුව සිදුකළ පරීක්ෂාවේදී, අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් එම සතුන් මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.
මියගිය වන අලි දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (27) දහවල් පණ්ඩුලගම වනජීවී පශු වෛද්ය නිලධාරිනී මදුවන්ති මහත්මිය විසින් සිදු කරනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අදාළ ඉඩමේ හිමිකරු ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද (28) මැදවච්චිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.