වධක තනතුරට ඇමෙරිකානුවෙක්ගෙන් අයදුම්පත්
වධක තනතුර සඳහා අයදුම්පත් 102ක් ලැබී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම අයදුම්පත් අතරින් 101ක් ශ්‍රී ලාංකික අයදුම්කරුවන් අනෙක් අයදුම්කරු ඇමෙරිකානු ජාතිකයෙකු වෙයි.
වධක තනතුර සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම පසුගිය පෙබරවාරි මස 25 වැනිදා අවසන් වූ අතර, ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පවත්වා දෙදෙනෙකු බඳවා ගැනීමට නියමිතය.
සම්මුඛ පරීක්ෂණ පවත්වන දිනයන් සහ ඒ සඳහා කැඳවනු ලබන පුද්ගලයන් පිළිබඳ ප්‍රසිද්ධියට පත් නොකරන අතර, සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගනු ලබන පුද්ගලයන්ගේ අනන්‍යතාව බාහිර පුද්ගලයන්ට දැන ගැනීමට අවස්ථාව නොදෙන බවත්, තෝරාගනු ලබන පුද්ගලයන් පිළිබඳ කිසිවක් ජනතාවට දැන ගැනීමට ප්‍රසිද්ධියට පත් නොකරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

popular news
-
Champa Friday, 01 March 2019 05:09 PM
බඳවා ගන්න පුද්ගලයන්ගේ අනන්‍යතාවය කියන්නේ නැහැලු. එහෙනම් ඔය කියලා තියෙන්නේ ඇමරිකන්කාරයෙක් කියල?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
