විදෙස් තැපැල් ලිපි හා භාණ්ඩ තෝරාගත් ගමනාන්තයට ගුවන් හා මුහුදු මගින් රැගෙන යාමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව ශ්රී ලන්කන් ගුවන් සේවය මැයි මාසයේදී ක්රියාත්මක කිරීමට නියමිත ගමනාන්තයන් සඳහා ගුවන් තැපැල් සේවාව ක්රියාත්මක බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව හොංකොං හා මෙල්බර්න් සඳහා මැයි 20 හා 27දා, බීජින් සඳහා මැයි 20 දා හා 23 දා, එක්සත් රාජධානියේ හිත්රෝ සඳහා මැයි 19 දා හා 26 දා, සිංගප්පූරුව සඳහා මැයි 23 දා හා 30 දා කටර් සඳහා මැයි 18 දා 25 දා හා 29 දා. ජර්මනිය සඳහා මැයි 18 සහ 25 දා ඉන්දායාව මුම්බායි මැයි 22 දා හා 29 දා, චෙන්නායි සඳහා මැයි 18 දා 25 දා, ජපානය සඳහා මැය 20 දා 30 දා ගුවන් ගමන් ක්රියාත්මක කිරීමට නියමිතය.
මෙහිදී විදෙස් ගමනාන්තයන් වෙත තැපැල් භාණ්ඩ ප්රවාහනයේදී ගුවන් ප්රවාන පහසුකම් මෙන්ම පවත්නා තත්ත්වයන් යටතේ ගමනාන්ත රට තැපැල් බෙදීමේ කටයුතු සිදුකරන බව තහවුරු කර ගැනීමෙන් පසු පමණක් තැපැල් භාණ්ඩ ගමනාන්තයට යොමුකිරීම සිදුවන බවද තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටියි.