විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු කුළියාපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ව්‍යාපාරික තරුණයෙකි .
ඔහු අද දින අලුයම 12.55 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් - 557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එහිදී කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති , ගුවන් තොටුපළ තුළ පිහිටි
" හරිත මාවත " ඔස්සේ පිටව යමින් සිටියදී , රේගු නිලධාරීන් විසින් ඔහුගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ මෙම දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබේ .
එහි රුපියල් 16,50,000 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි වර්ග තුනකට අයත් දුම්වැටි 30,000 ක් අඩංගු , දුම්වැටි කාටූන් 150 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
කටුනායක - කපිල