මාතර, වැලිගම, පැලැන ප්රදේශයේදි විදේශිකයෙකුට පහරදි මුදල් කොල්ල කා පළාගිය පුද්ගලයෙක් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව වැලිගම පොලීසිය පවසයි.
මෙසේ ප්රහාරයට ලක්ව ඇත්තේ ඊශ්රායල් ජාතික යමි ඇල්බටි ශහර් නමැති 26 හැවිරිදි තරුණයෙකි.
මොහු මිට සති කිපයකට පෙර වැලිගම ප්රදේශයේ සංචාරක හෝටලයකට නවාතැන් සදහා පැමිණ ඇති අතර ඊයේ (23) වැලිගම පැලැන ප්රදේශයේ වෙරළ ආසන්නයේ විවේකිව රැඳි සිටි මොහොතක මෙරට තරුණයෙකු පැමිණ ඔහුට පහරදි දි ඔහු සතුව තිබු අත් බැගය උඳුරගෙන පළාගොස් තිබේ.
එම අත්බෑගයේ වටිනා ජංගම දුරථනයක් සහ තිස් දහසකට ආසන්න මුදල් තිබි ඇති අතර සැකකරු සොයා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව වැලිගම පොලීසිය පවසයි.