විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා සුපුරුදු පරිදි සිය රාජකාරිවල නිරතව සිටින බවත්, ඒ මහතාගේ නිරෝගී භාවය පිළිබඳව කිසිදු ගැටළු සහගත තත්ත්වයක් උද්ගතවී නොමැති බවත් විදේශ අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යවරයා කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට පැතිර යන පදනම් විරහිත ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් විදේශ අමාත්‍යාංශය මෙම කරුණු දැක්වීම කරයි.
මෙසේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පිළිබඳ පැතිර යන අසත්‍ය ප්රචාරයට පදනම්ව ඇත්තේ අමාත්‍යංශ නිලධාරිනියකගේ ස්වාමි පුරුෂයා කොරෝනා වෛරසයේ ආසාධිතයකු වීම නිසා බවත්, මෙම නිලධාරිනිය හා පවුලේ අය නිරෝධායනයට ලක්කර ඇති බවත් අමාත්‍යාංශ පෙන්වා දෙයි.
මෙසේ විදේශ අමාත්‍යවරයා සම්බන්ධයෙන් පදනම් විරහිත ප්රවෘත්ති පළ කිරීම හේතුවෙන් රජය සහ රට පිළිබඳව වැරදි අදහසක් ඉස්මතු වන බව පෙන්වා දෙන අමාත්‍යාංශය, මෙවනි ප්රවෘත්ති පළ කිරීමේදී අතිශය වගකීම් සහගතවීමද සදාචාරසම්පන්න වීම වැදගත් බව අවධාරණය කරයි.
එසේම ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණදී සිටින නව කොරෝන වෛරසය පැතිර යාමේ අවදානම වලක්වා ගැනීම සහ ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් රජය විධිමත් හා විද්යානුකුල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.