වලවේ ගඟේ ජල පෝෂක ප්රදේශ තුලට පැවති වර්ෂාපතනය හේතුවෙන් අද (13) උදෑසන වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාම නිසා අම්බලන්තොට වාඳුරුප්ප ප්රදේශයට ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිවාස 10 ක් පමණ ජලයෙන් යටවී තිබේ .
ප්රදේශයේ ජනතාව කියාසිටින්නේ උදැසන 4.30 පමණ මෙම ගංවතුර තත්ත්වය ඇතිවූ බවයි . වලවේ ගඟේ මෝය හරස්වී තිබීම මෙම ජාල ගැල්මට එක හේතුවක් වී ඇති අතර අම්බලන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන කාර්යාලයේ නිලධාරීන් විසින් අදාළ අංශ දැනුවත් කර මේ වනවිට ගංමෝය කැපීමට කටයුතු කරමින් තිබේ .