වාද්දුව පොතුපිටිය හෝටලයක මුරකරු හෝටලයේ සේවක කාමරය තුළ මියගොස් සිටියදී අද ( 26) හමුවූ බව වාද්දුව පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ගාමිණී ලියනගේ 53 යන අයයි.
මියගිය පුද්ගලයා ඊයේ 25 රාත්‍රී හෝටලය අයිතිකාරියට දුරකථන ඇමතුමක් දී ඔහුට අසනීප බව දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.
අයිතිකාරිය එම හෝටලේ නාන තටාකයේ සේවය කරන මොරන්තුඩුව පදිංචි පුද්ගලයාට දුරකථන ඇමතුමක්ම ලබාදී මුරකරු අසනීප බැවින් වේලාසන රැකියාවට යන ලෙස පවසා තිබූ බව පොලීසිය සඳහන් කරයි.
එම දැනුම් දීම අනුව එම පුද්ගලයා හෝටලයට පැමිණි අවස්ථාවේදී ඒ ගේට්ටුව වසා තිබී ඇති අතර උඩුමහලට ගොස් සේවක කාමරය තුළට යාමේදී මුරකරු ඇඳ අසල මුනින් අතට වැටී සිටිනු දැක තිබු බව පොලිසිය නිලධාරීයෙක් පැවසීය.
සිදුවූ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කැඳවූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ