වතුගිවිසුමට එරෙහිව වතු කම්කරුවෝ විදි බසිති
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිතියට අයත් වෘත්තිය සමිති දෙකක් අත්සන් කිරිමට විරෝධය පා බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (29) උද්ඝෝෂණයක නිරත විය.
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 700 දක්වාත් තේ මිල අනුව දිනකට රු 50ක දිමනාවක් සහ අමතර නෙළන තේ දළු කිලෝවක් සඳහා රු 40ක මුදලක් සදහා වසර දෙකකට බල පැවැත්වෙන සේ වතු හාම්පුතුන්ගේ සංගමය හා ලංකා කම්කරු කොන්ග්රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය (28) දින උදැසන අරලියගහ මන්දිරයේදි වසර දෙකකට බලපැවැත්වෙන සේ අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවයම අත්සන් කරනු ලැබුවා.
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ වතු කම්කරුවන් අද දින සේවයට වාර්තා කිරිම ප්‍රථම එම වතුයායේ සිට කළු කොඩි අතතිව පෙළපාලියකින් බගවන්තලාව නගරය වෙත පැමිණ සිය විරෝධය දක්වා අවබෝධතා ගිවිසුමට අත්සන් කල වතුකරයේ දේශාපාලඥයින්ගේ සහ වතු සමාගම්වල නිලධාරින්ගේ අනුරුවක් සකස් කර හින්දු චාරිත්‍රානුකුලව අවමගුල් චාරිත්‍ර සිදු කල අනුරුවත් පුළුස්සා දමා සිය විරෝධය දක්වනු ලැබුවා.
විරෝධතාවයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේ වතුකරයේ දේශපාලනඥයින් රු 1000ක තමන්ට මුලික වැටුපක් තමන්ට ලබාදෙන බව පොරොන්දු වෙමින් තමන්ව මුලා කල බවයි.



popular news
-
Champa Tuesday, 29 January 2019 12:48 PM
මේ package එක ඕනෑවටත් වඩා හොඳයි. රුපියල් 200 ඉඳන් 700 දක්වා මූලික වැටුප වැඩි කරලා තියෙනව. වැඩියෙන් කඩන හැම කිලෝ එකකටම රුපියල් 40ක් දෙනවා. මහන්සි වුනොත් රුපියල් 2000ක් වුනත් හොයා ගන්න පුළුවන්. අනික මම හිතන්නේ වතු කම්කරුවෝ වැඩ කරන්නේ සතියකට දවස් තුනක් වගේ නේද? වතු කම්කරුවන්ට අඩු ගානේ ස්ථිර රස්සාවක් වත් තියෙනව. ඈත ගම් පළාත්වල ඕනේ තරම් සිංහල බෞද්ධයෝ ඉන්නවා කුලී වැඩකින් ජීවත් වෙන. එහෙම නැත්නම් ගොවිතැනින් බෝග වගාවෙන් ජීවත් වෙන. ඒවා ස්ථිර රස්සා නෙමෙයි. හුඟ දෙනෙකුට තමන්ගේ බෝග විකුණා ගන්න බැහැ. දෙන්නේ පාඩුවට. කුලී වැඩ කරන මිනිස්සුන්ට හැමදාම වැඩ නැහැ. මිනිස්සු වේලක් කාල වේලක් බඩ ගින්නේ ඉන්නේ. ගිය අවුරුද්දේ දවසක පත්තරේ තිබුන වඩු වැඩෙන් ජීවත් වෙන මිනිහෙක්ගේ දරුවෙක් කියලා හවස එනකොට බිස්කට් පැකට් එකක් ගේනන කියල. එදා ඒ මනුස්සයට කිසිම කුලී වැඩක් ලැබුනේ නැති නිසා බිස්කට් පැකට් එක නැතුව ගෙදර යන්න බැහැ කියලා මගදී ජීවිතේ නැති කරගෙන. තව ඒ වගේ සිද්ධි කීපයක් තිබුන. රටේ සමහර අනිත් මිනිස්සු ජීවිතේ ගැට ගහ ගන්න කරන සටන දිහා බලන කොට මේ වගේ ස්ථිර රස්සාවක්, ස්ථිර දීමනාවක් සහ ස්ථිර වැටුපක් තියෙන එකත් ලොකු දෙයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
