වතුකරයට විශ්වවිද්‍යාලයක්
වතුකරයේ විශ්වවිද්‍යාල සඳහා තේරි පත් වන සිසු සිසුවියන් වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් කඩිනමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව පැවැසුවේ වතුකරය සඳහා වෙනම විශ්වවිද්‍යාලයක් ඉදිකිරිම සම්බන්ධයෙන් අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ආරාධනයෙන් හැටන් කොටගල ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක් ඉදි කිරිම සඳහා ඉඩම් පිළිබදව නිරික්ෂණය කිරිමට සංචාරයක නියැලෙමින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.
“පසුගිය ජනාධිපතිවරණයට පෙර අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නුවරඑළිය රැස්විමේදි ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ඉල්ලිම මත ප්‍රතිඥා දිලා තිබු වතුකරයේ ජනතාවගේ දරුවන්ට විශ්වවිද්‍යාලයක් ලබාදෙනවා කියලා.
එ අනුව අද අපි කරන නිරික්ෂණ චාරිකාවෙන් හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය විශ්වවිද්‍යාල විද්‍යා ආයතනයක් බවට පත් කරන්නත්, කොටගල අංග සම්පුර්ණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්නත් කැබිනට් අනුමැතියත් ලබාගෙන ලබන වසරේ අයවැය යෝජනාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
කොටගල විශ්වවිද්‍යාලය ප්‍රධාන වශයෙන් ඉංජිනේරු තාක්ෂණය , ජෛව පද්ධති තාක්ෂණය , තොරතුරු තාක්ෂණය යන අංශයන්ගෙන් අංග සම්පුර්ණ විශ්ව විද්‍යාලයක් ඉදි කිරිම තමයි අරමුණ.”

popular news
-
samson de silva Monday, 09 March 2020 05:01 PM
රටේ තිබෙන පොදු වැසිකිලිවලට වඩා විශ්ව විද්‍යාල ඇති කරනවා. මේ ගොබ්බයො දන්නවාද විශ්ව විද්‍යාලයක් කියන්නේ මොකක්ද කියලා. දැන් හැම කක්කුස්සියක්ම විශ්ව විද්‍යාලයක් කරගෙන යනවා. රටකට ගිය කලක්.
Reply : 0 0
Champa Monday, 09 March 2020 05:31 PM
මේක පුදම වැඩක්නේ. මුස්ලිම්වරුන්ට එක විශ්වවිද්‍යාලයක්. වතුකරයට තව එකක්. ජාතිය අනුව අධ්‍යාපනය සහ පාසල් වර්ග කරන එකම රට මේක. චන්ද විතරක් බලාගෙන මේ කරන අදුරදර්ශී වැඩ හින්ද අනාගතේ සිංහලයන්ට ඉන්න හිටින්න නැති වෙනව. බලයට එන්නේ නම් සිංහල බෞද්ධයන්ගේ චන්ද වලින්. රජයට ආදායම් බදු වැඩිපුරම ගෙවන්නේ සිංහලයෝ. හැබැයි බලය ගත්ත ගමන් කරන තරමක් කරන්නේ මරක්කලයන්ට සහ දෙමළුන්ට. හදපල්ලකෝ සිංහලයන්ට විතරක් විශ්ව විද්‍යාලත්. බෞද්ධයන්ට විතරක් විශ්ව විද්‍යාලත්. ප්‍රශ්නේ ඉවරයිනේ. මදැයි වහල් ආණ්ඩුව ගෙදර යවල පත් කරගත්ත ජනාධිපති. ගිහි පැවිදි හොර දේශප්‍රේමියෝ කිව්වේ නම් ජනාධිපති සිංහල බෞද්ධයන් වෙනුවෙන් කියල. බෞද්ධ පුරාවස්තු ඩෝසර් කිරීම දිගටම යනව. ඒවා ආරක්ෂා කරන්න කිසි වැඩපිළිවෙලක් නැහැ. 19 ගැන කියව කියව ඉන්නවා. මේ ජනාධිපති ඉන්නකොට 19 අහෝසි කලොත් එහෙම ඔක්කොම කරයි මුස්ලිම්වරුන්ට සහ දෙමළුන්ට. යුද්ධෙන් පස්සේ මේගොල්ලෝ වැඩියම සැලකුවේ මුස්ලිම් මිනිස්සුන්ට. සිංහල බෞද්ධයෝ අදටත් හිඟන්නෝ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
