වතුකම්කරු වැටුප් ගැටලුව විසඳීමට කමිටුවක්
තේ කර්මාන්තයේ නියුතු ව සිටින ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලුව ඇතුළු තේ කර්මාන්තය ආශ්රිත ව මතුව ඇති කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලු පිළිබඳ අධ්‍යයනයක් සිදුකොට ලබාදිය හැකි විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විශේෂ කමිටුවක් පත්කර තිබේ.
තේ කර්මාන්තයේ නියැලී සිටින ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලුව පිළිබද අද (13දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති විසින් මෙම කමිටුව පත් කරන ලදී.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ආර්. රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, තේ මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.එල්.පී. විජේවර්ධන, කම්කරු කොමසාරිස් ජනරාල් ජේ. විමලවීර යන මහත්වරුන් සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙන් ම ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා තේ තැරුව්කරුවන්ගේ සංගමය, තේ අපනයනකරුවන්ගේ සංගමය නියෝජනය කරන නියෝජිතයෙකු බැගින් මෙම කමිටුවට ඇතුළත් ය.
තේ කර්මාන්තය ආශි‍්‍රත ව පැණ නැගී ඇති ගැටලූවලට විසඳුම් ලබාදෙමින් එහි උන්නතිය උදෙසා ගතයුතු කඩිනම් කි‍්‍රයාමාර්ගවලට එළැඹීම සහ කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම මෙම කමිටුව පත් කිරීමේ අරමුණයි. මසක් ඇතුළත අදාළ කමිටු වාර්තාව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතු ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
