වතු පාලන අධිකාරියට එරෙහිව වතු කම්කරුවෝ විරෝධයක
හැටන් පොලිස් වසමට අයත් හැටන් වතු සමාගම යටතේ පාලනය වන හැරොල්ඩ් වතු යායේ වතු කම්කරුවන් දින තුනක් තිස්සේ වතු පාලන අධිකාරියට එරෙහිව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.
තම වතුයායේ වගා කර ඇති යුකෙල්ප්ස්ටික් වර්ගයේ විශාල ගස් වතු පාලන අධිකාරිය මගින් කපා දැව කදන් වශයෙන් දැව ව්‍යාපාරිකයන්ට විශාල මුදලකට අලෙවි කරන බවත්, තමන් විසින් වගා කරන ලද යුකෙල්ප්ස්ටික් ගස් වලින් වතු සමාගම ලබා ගන්නා අදායමින් කොටසක් තමන්ට ලබාදෙන ලෙසයි වැඩ වර්ජනයේ නියැලි සිටින වතු කම්කරුවන් කියා සිටියේ.
අනෙකුත් වතු සමාගම් විසින් මෙවැනි ආකාරයට දැව කදන් දැව ව්‍යාපාරිකයන්ට අලෙවි කර ලබා ගන්නා ආදායමින් කොටසක් වතු කම්කරුවන්ට බෙදා දෙන බවත්, තම වතු සමාගම විසින් එවැනි මුදලක් බෙදා නොදෙන බවයි උද්ඝෝෂනයේ නියැලි වතු කම්කරුවන් කියා සිටින්නේ.
මේ සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය සමඟ අවස්ථා කිහිපයකදි සාකච්ඡා කලද එයට මෙතෙක් විසදුම් ලැබි නොමැති බවයි උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

