වතු කම්කරු වැටුප් වැඩිකරන්නේ මෙහෙමයි
වතු කම්කරු වැටුප මාර්තු 01 දින සිට ඉහළ දමන්නේ රජය මගින් වතු සමාගම්වලට ලබාදෙන මුදල් නිසා බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දකිවමිනි.
දැනට වතු කම්කරුවන්ට ලබාදෙන දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කර ගෙවීමට වතු සමාගම් අකමැති බවත්, මේ නිසා තේ මණ්ඩලය සමග සාකච්ඡා කර රුපියල් දහසක් ගෙවීමට අවශ්‍ය ඉතුරු මුදල් සමාගම වෙත ලබාදෙන බවත් හෙතෙම පැවසීය.
වතු කම්කරුවන්ගේ ඉල්ලීම වූයේ දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කරන ලෙස බවත්, එම ඉල්ලීම මාර්තු 01 දින සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
මීට අමතරව වතු කම්කරුවන්ට වැටුප් ගෙවීම සඳහා පවතින සාමූහික ගිවිසුම් පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.
popular news
-
Champa Wednesday, 15 January 2020 07:11 PM
මහජන මුදල් වතු කම්කරුවන්ට ගෙවන්න යෙදවීම තනිකරම වැරදියි. චන්ද බලාගෙන ජනතා මුදල් තමන් කැමති කැමති විදිහට නිකරුනේ වියදම් කරනවා. දැන් මෙහෙම ගිහින් අනිත් මිනිස්සුන්ටත් වැඩි කරන්න කියන පඩි රජයෙන් ගෙවයි. මෙයින් පෙන්වන්නේ තනිකරම රජයේ අදූරදර්ශී අදක්ෂ වැඩ පිළිවෙල. පැලැස්තර දේශපාලනය. යූ ටර්න් ආණ්ඩුව ආවට පස්සේ ඉවත් කරපු ලේකම්වරු සහ සංස්ථා සහ මණ්ඩල වල ප්‍රධානීන්ට සහන පැකේජයක් කියල අමුතු එකක් දීල තියෙනව. ඒකයි මේකයි දෙකම තනිකරම මහජන මුදල් නාස්තියක්.
Reply : 0 0
Don Friday, 17 January 2020 08:22 PM
මේක අමුතු තාලයේ ගෙවන ක්‍රමයක්. මෙයාගෙන් මුළු ලෝකයම ඉගෙන ගනියි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
