වත්තලින් කොරෝනා ආසාදිත රෝගීන් 53ක්
වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 53 දෙනෙකු 12/09 දින වාර්තා වී ඇති බවත් ,එයට හේතුව මෙම ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලා වෙත කොළඹ සහ අනෙකුත් තදාසන්න ප්‍රදේශ වල සිට විවිධ අවශ්‍යතා සදහා විවිධ පුද්ගලයන් පැමිණීම බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
ඒ අනුව 12/09 දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 129 අනාවරණය වී ඇති බවත් ඔවුන් අතරින් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 53 දෙනෙකු ද අත්තනගල්ල කොට්ඨාසයෙන් 19 දෙනෙකු ද කැළණිය කොට්ඨාසයෙන් 15 දෙනෙකු ද මීරිගම කොට්ඨාසයෙන් 11 දෙනෙකු ද බියගම කොට්ඨාසයෙන් 10 දෙනෙකු ද වාර්තා වී ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේය .
එනිසා ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 5,945 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්.පරීක්ෂණ 95,153 ක් සිදු කර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .
කටුනායක ටී.කේ.ජී.කපිල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

