වත්තල ඇතුළු ප්රදේශ කිහිපයකට අද (21) රාත්රී 8 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
වත්තල, තෙලගපාත, ඇවරිවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ, බලගල, ගලහදූව සහ ඇළකන්ද යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව එම ප්රදේශවලට අද රාත්රී 8 සිට හෙට (22) රාත්රී 8 දක්වා ජල සැපයුම අත්හිටුවයි.