වතු හාම්පුතුන් විසින් වතු කම්කරුවන්ට ලබාදීමට තීරණය කර තිබෙන දෛනික වැටුප් ප්‍රතික්ෂේප කරන බව වතුකම්කරු ජනතාවගේ දූවාදරුවන් හා ඥාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
මේ නිසා වතුකම්කරු දෛනික මූලික වැටුප රුපියල් දහසක් බවට පත්කරන ලෙස ඉල්ලා අද (19දා) සිට කොටුව දුම්රියපළ ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළ බවද එම සංවිධානයේ සම්බන්ධීකාරක කේ. නරේන්ද්‍රන් මහතා සඳහන් කළේය.
කොළඹ හා අවට ප්‍ර‘දේශවල රැකියා කරන දුවාදරුවන් හා ඥාතීන් විසින් මෙම සත්‍යග්‍රහය සිදු කරන බවත්, එහිදී දෙතුන්දෙනා බැගින් බිම වාඩිවී මේ පිළිබඳ පාලකයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.
දින 07ක් තුළ වතුකම්කරු දෛනික මූලික වැටුප රුපියල් දහසක් බවට පත් නොකළොත් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ආරම්භ කළ සත්‍යග්‍රහය මරාන්තික සත්‍යග්‍රහයක් බවට පත්කරන බවද කේ. නරේන්ද්‍රන් මහතා අවධාරණය කළේය.
එච්.අයි.තුෂාර