දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් විසින් දින නවයක පමණ කාලයක් සිදු කළ වැඩ වර්ජනය නතර කර වතු කම්කරුවන් 14වන දින සේවයට වාර්තා කර ඇත.
තම ඉල්ලිම් පරිදි වැටුප් වැඩි කිරිමක් සිදු නොවුණ බවත් ඒ පිළිබදව තිරණයක්ද නොමැතිව තමන්ට නැවත සේවයට වාර්ථා කරන ලෙස මෙම වැඩ වර්ජනය මෙහෙයවු වෘත්තීය සමිති කටයුතු කිරිම තමන් හෙලා දකින බවද එම වතු කම්කරුවන් පවසති.
තවදුරටත් මෙම සමහර වෘත්තීය සමති තමන් රැවටිමට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ අයට ඉදිරි මැතිවරණවලදි නිසි පාඩම් ඉගැන්විමට පියවර ගත යුතු බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
මෙවැනි රැවටිම් හේතුවෙන් තමන්ට වෘත්තීය සමිති එපා විමකට ලක්ව ඇති බවත් විටින් විට තමන් රැවටිම් වලට ලක්කරන මෙම සමහර වෘත්තීය සමිති වතුකරය තුළ තිබිම තම කරුමයක් බවද ඔවුහු තවදුරටත් පවසති.