නවවැනි වතිකානු සේවකයාත් කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව හෝලි සී පුවත් කාර්යාලයේ අධ්යක්ෂ මැටියෝ බෘනි සඳුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
පාප් තුමන් හා වතිකානුවේ රාජ්‍ය දෙපාර්තමේන්තු පිළිබඳ නිල පුවත් වාර්තා මෙම ආයතනයේ අධ්යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයා රෝහල් ගතකර ඇති බවත්, ඔහු වෛද්‍ය නිරීක්ෂණයන් යටතේ ප්‍රතිකාර ලබන බවත්ය.
කෙසේ වෙතත් මෙම සේවකයා සමග සම්බන්ධ වූ පුද්ගලයන් කොරෝනා වෛරසය සඳහා සෘණාත්මක බව පරීක්ෂා කර ඇති බවද බෘනි වැඩිදුරටත් සඳහන් කළේය.