වතුකම්කරු දෛනික වැටුපට රුපියල් 50ක් එකතු කිරීම සඳහා එළඹෙන සතියේදී අමාත්‍ය මණ්ඩල රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා අද (04දා) පැවසීය.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ඇති බවත්, ඊට පසු සතියේ සිට ජනතාවට එම දීමනාව ලබාදීමට හැකිවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනවිට වත්මන් රජය වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස 8,133ක් ඉදිකර ලබාදී තිබෙන බවත්, තවත් නිවාස 3,000ක ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදුවෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
වතුකරයට නිවාස 25,000ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ 2020 වනවිට නිවාස 10,000ක වැඩ අවසන් කිරීමටත්, තවත් නිවාස 10,000කට මුල්ගල් තැබීමටත් සැලසුම් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
නුවරඑළිය, මහනුවර, මාතලේ, මාතර, කෑගල්ල, රත්නපුරය ඇතුළු වතු නිවාස පිහිටි සෑම දිස්ත්‍රික්කයකම මෙම ව්‍යාපෘතිය දියත් කරන බවත්, වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකර තිබෙන බැවින් ගැටලුවකින් තොරව මැතිවරණයකට මුහුණ දිය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.