තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් දින 8 පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (12දා) සිට අත්හරින ලෙස ලංකා කම්කරු කොංග්‍රසය වතු කම්කරුවන්ට දැනුම් දි ඇත.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ලංකා කම්කරු කොංග්‍රසය (11දා) දින රාත්‍රි ජනාධිපති ලේකම් කාර්යයාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
වතු කම්කරුවන්ට දැනට දිනකට ගෙවන දෛනික මුලික වැටුප සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසය විසින් ජනාධිපතිරයා දැනුවත් කිරිමෙන් අනතුරුව ලබන 19 වෙනි දින වතු සමාගම් සමග සාකච්ඡා කර වතු කම්කරුවන් සාධාරණ වැටුපක් ලබාදිමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බවත්, වැඩ වර්ජනය හේතුවෙන් තේ ආර්ථිකයට සිදුවෙන බලපැම් නිසා වැඩ වර්ජනය අත්හරින ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලිමක් මත අද (12) සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හරින බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා මාධ්‍යයට පැවැසීය.