වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් හැටන් නගරයේ වෙළද ව්‍යාපාරිකයන් විසින් ඔවුන්ගේ ව්‍යාපාර ස්ථාන වසා අද දින නිහඩ උද්ගෝෂණයක් සිදු කරන ලදි.
මේ වන විට වතු කම්කරුවන්ට ලැබෙන දෛනික වැටුප ඔවුන්ට ජිවත් විම සදහා ප්‍රමාණවත් නොවන බවත් එම නිසා මෙම වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු හාම් පුතුන්ට බල කරමින් මෙම උද්ගෝෂණය සංවිධානය කර ඇත.
ඒ අනුව අද දින පෙරවරු දහයේසිට පස්වරු එක දක්වා ඔවුන් තම වෙලද සැල් වසා දමමින් එම වෙලද සැල්වල සේවක පිරිස්ද සමග නගරයේ මාර්ගයට පැමිණ මෙසේ නිහඩ උද්ගෝෂණයක් සිදු කරන ලදි.
මෙම උද්ගෝෂණය පැවති විට නගරයේ සමහර වෙලද සැල්වල කලු කොඩි දමා තිබු අතර සමහර ත්‍රිරෝද රථවලද කලු කොඩි දමා තිබුණි.
මෙම උද්ගෝෂණය පිළිබදව අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ අද වන විට වතු කම්කරුවන්ට ලැබෙන දෛනික වැටුප ජිවත්විමට ප්‍රමාණවත් නොව බැවින් ඔවුන්ගේ දෛනික වැටුප වැඩි කරන ලෙස වතු හාම් පුතුන්ට බල කිරිම සදහා මෙම උද්ගෝෂණය පවත්වන බවත්ය.
මෙම උද්ගෝෂණය සදහා නගරයේ සියලුම වෙළදුන් ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව එක්ව සිටින බවත් මෙම වෙළදුන් මෙසේ ඉතාමත් සාමකාමි ලෙස කටයුතු කිරිම පිළිබදව ඔවුන්ට ස්තුතිය පුදකරන බවත් ඔහු සදහන් කළේය.
චන්ද්‍ර සෙල්ලහේවා-හැටන්