මහජනතාවට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා හෙට (23දා) පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලින් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත් හැකි සෑමවිටම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා මාර්ගගත උපකරණ (ඔන්ලයින්) භාවිත කරන ලෙසත්, මුදල් ගැනීම සඳහා තදබදය අඩු ස්ථානවල පිහිටි ATM යන්ත්‍ර භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එවැනි සේවා ලබාදීමේදීත්, සේවා ලබාගැනීමේදීත් අත්‍යවශ්‍ය සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙසද බැංකු ආයතනවලට මෙන්ම ජනතාවටද ශ්‍රී ලංකා මහ බැංකුව මෙයින් උපදෙස් දෙනු ලැබේ.