මිල්ලනිය කැටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නේවාසිකව සිටින 91 හැවිරිදි කාන්තාවක් මියයාමෙන් අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී ඇයට කොරෝනා වෛරසය ආසාදිත බවට අනාවරණය වූ බව මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය
ඒ හේතුවෙන් එහි නේවාසිකව සිටින වැඩිහිටියන් සහ කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් සදහා සිදුකළ රැපික් ඇන්ටිජන් පරීක්ෂාවේදී කාර්යය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ වැඩිහිටියන් 4 දෙනකුට වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වී ඇත
එම ආසාදිතයන් පෞද්ගලික රෝහලක් වෙත ඇතුල් කර ඇත
ආසාදිත කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනාගේ නිවෙස් වල සාමාජිකයන් ද නිරෝධනයට ලක් කර ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ